වැටුප් කලින් දෙන්න සැරැසෙයි



කටාරයේ සේවයේ නියුතු ශ්‍රමිකයන්ට මැයි හා ජුනි මාසවල වැටුප් කල් වේලා ඇතිව ලබාදීමට එරට රජය තීරණය කර ඇත.

රජය ගත් මෙම තීරණය අනුව මැයි මාසයේ වැටුප මැයි 21 දින හෝ ඊට පෙර ද ජුනි මාසයේ වැටුප ජුනි 21 දාට පෙරද ගෙවිය යුතු බව කටාර් හි පරිපාලන සංවර්ධන කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යංශය නිවේදනයක්  නිකුත් කරමින් ප්‍රකාශයට පත් කර ඇත.

රාමසාන් සමරන ජනතාවතට සිය අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා මෙසේ කලින් වැටුප් ලබා දීමට තීරණය කළ බව රජය පවසන බව එරට මාධ්‍ය සඳහන් කරයි.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS