වැටුප් කප්පාදුව සැප්තැම්බර් දක්වා



එමිරේට්ස් සහ එතිහාඩ් ගුවන්සමාගම් සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීම සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කර ඇති බව වාර්තා වේ.

කොරෝනා වසංගතය හේතුවෙන් ගුවන් සමාගම් වලට සිදුවී ඇති පාඩුව අවම කරගැනීම සඳහා සේවක වැටුප් කප්පාදු කිරීමට සිදු වී ඇත.

කොරෝනා වසංගතය හේතුවෙන් ගුවන් සේවා කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර,ප්‍රධාන ගුවන් සමාගම්වලට කාර්ය මණ්ඩල සේවකයන් සේවයෙන් ඉවත් කිරීමටද සිදු වී ඇත.

දැනට ප්‍රධාන පෙලේ ගුවන් සමාගම් අත්‍යාවශ්‍ය අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS