වාහන පරීක්ෂාවට අධි-තාක්ෂණය



ෆහඩ් පිවිසුම් පාලම හරහා ඇතුළුවන සහ පිටවන වාහන පරීක්ෂා කිරීම සඳහා අධි-තාක්ෂණික උපකරණ භාවිතා කරන බව වාර්තා වේ.

සෞදි අරාබිය සහ බහරේන් රාජ්‍යය සම්බන්ධ වන ෆහඩ් පිවිසුම් පාලම හරහා නීතිවිරෝධි ක්‍රියාවන් සිදුවීම හේතුවෙන් අධි-තාක්ෂණික උපකරණ භාවිතා කර සැක සහිත පුද්ගලයන් සහ වාහන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ෆහඩ් පිවිසුම් පාලමේ රේගු අධ්‍යක්ෂ, ධයිෆල්ලා අල්- ඔටෙයිබි පැවසීය.

ආරක්ෂක හේතූන් මත සාමාන්‍යයෙන් දිනකට මෝටර් රථ 10 ක් සහ මාසයකට මෝටර් රථ 400ක් පමණ අත්අඩංගුවට ගන්නා බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

මෝටර් රථ පරීක්ෂා කිරීම සඳහා අධි තාක්‍ෂණික උපකරණ භාවිතා කිරීමෙන් දැනට වැය වන කාලය මිනිත්තු 23 දක්වා අඩු කරගැනීමට හැකි වන අතර මත්ද්‍රව්‍ය සහ තනම් භාණ්ඩ ප්‍රවාහනය කිරීම සීමා කිරීමට හැකියාව ලැබෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්. රියාද් නුවර)

RECOMMEND POSTS