වාහන තදබදය වැඩිම නගර



ගල්ෆ් රටවල් අතුරින් වැඩිම වාහන තදබදයක් ඇති නගරය අධ්‍යනයකින් පසු ප්‍රකාශයට පත් කර ඇත.

අබුඩාබි නගරය ප්‍රථම ස්ථානයත්, ජෙඩ්ඩා, ඩුබායි සහ රියාද් යන නගර පිළිවෙලින් අදාල ස්ථාන හිමිකරගෙන ඇත.

නෙදර්ලන්ත තාක්ෂණික සමාගමක් අධ්‍යනය සිදුකර ඇති අතර එම සමාගමේ ටොම්ටොම් රථවාහන දර්ශකය සඳහා රටවල් 56ක නගර 403ක තෝරා ගෙන ඇත.

ලෝක මට්ටමින් අබුඩාබි නගරය 396වැනි ස්ථානයත්, ජෙඩ්ඩා නගරය 272වැනි ස්ථානයත්, ඩුබායි නගරය 202වැනි ස්ථානය හිමි කරගෙන ඇත.

ඉන්දියාවේ මුම්බායි නගරය ලොව වාහන තදබදය අධිකම නගරය ලෙස ටොම්ටොම් රථවාහන දර්ශකය නම් කර ඇති අතර කොළොම්බියාවේ බොගෝටා නගරය දෙවන ස්ථානයටත්, පේරු රාජ්‍යයේ ලීමා නගරය තුන්වන ස්ථානයට පත් ව ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS