වාහන 20 ක් එකට ගැටෙයි



සෞදි අරාබියේ ටබුක් පළාතේ අධිවේගි මාර්ගයක මෝටර් රථ විස්සක් එකට ගැටී විශාල අනතුරක් සිදු වී ඇති බව වාර්තා වේ.

මීට මාස දෙකකට පෙර විවෘත කළ ෆාහඩ් රජු පාරේ පාලමක් මත මෙම අනතුර සිදුව තිබේ.

මාර්ගයේ ගමන් කළ යතුරුපැදිකරුවෙක් අනතුර වීඩියෝ කර අන්තර්ජාලයට එක්කර ඇති අතර අදාල අනතුරු පිළිබඳව අන්තර්ජාල පරිශිලකයන් අතර කතබහක් ඇති වී ඇත.

අනතුරින් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS