වාහන 14 ගිනි තැබු තරුණයෙක්



සෞදි අරාබියේ අල්-කසීම් පළතේ මාර්ග කීපයක නවතා තිබු මෝටර් රථ දාහතරක් (14) සෞදි තරුණයෙක් ගිනිතබා විනාශ කර දමා ඇති බව වාර්තා වේ.

මෝටර් රථ ගිනිතැබීම සඳහා අධික ලෙස ගිනිගන්නා රසායනික ද්‍රව්‍යයක් භාවිතා කර ඇති බවට මුලික විමර්ශනවලදි පොලීසිය අනාවරණය කරගෙන ඇත.

ගිනි තැබීමට සම්බන්ධ තරුණයා වයස අවුරුදු තිහක් (30) වන අතර පාපැදියෙන් පැමිණ මෝටර් රථවලට ගිනි තබා පලා ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.

පෞද්ගලික දේපල විනාශ කිරීමේ චෝදනාව මත තරුණයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට සෞදි පොලීසිය කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS