වායු දුෂණය ගැන අනතුරු අඟවයි



මැලේසියාවේ සිටින ඕමාන ජාතිකයන්ට වායු දුෂණය සම්බන්ධයෙන් එරට ඕමාන තානාපති කාර්යාලය අනතුරු අඟවයි.

මැලේසියාවේ ජෝහෝර් ප්‍රාන්තයේ අධික ලෙස වායු දූෂණයට ලක් වී ඇති බවත් එම ප්‍රාන්තයටනොපැමිණෙන ලෙසත්, ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස තානාපති කාර්යාලය ඕමාන ජාතිකයන්ට දැණුම් දීමට කටයුතු කර ඇත.

නීතිවිරෝධි රසායනික ද්‍රව්‍ය ජෝහෝර්හි පැසිර් ගුඩැංගේ ප්‍රදේශයේ ගොඩගැසීම හේතුවෙන් ශරීර සෞඛ්‍යයට අහිතකර බලපෑමක් එල්ල විය හැකි බැවින් අදාල අනතුරු ඇඟවීම නිකුත් කිරීමට තානාපති කාර්යාලය කටයුතු කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS