වාණිජ මධ්‍යස්ථාන-අපනශාලාවලට අවසර



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ වාණිජ මධ්‍යස්ථාන සහආපනශාලා 60% ක ධාරිතාවයකින් විවෘත කිරීමට අවසර ලබාදී ඇති බව වාර්තා වේ.

වාණිජ මධ්‍යස්ථාන හා ආපනශාලාවල ධාරිතාව 60% දක්වා ඉහළ දැමීමට කටයුතු කළ බව සෞඛ්‍ය හා නිවාරණ අමාත්‍යාංශය සහ ජාතික හදිසි ආපදා කළමනාකරණ අධිකාරිය පැවසීය.

සෑම මේසයකම හතර දෙනෙකුට වඩා නොසිටිය යුතු අතර, කෑම මේස දෙකක් අතර මීටර් 2 ක් දුරක් තිබිය යුතු බව සඳහන් කර ඇත.

සියළුම සේවකයන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු වන අතර, පරිභෝගිකයන්ද පනවා ඇති ආරක්ෂික උපදෙස් පිළිපැදිය යුතු වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අඩුඩාබි නුවර)

RECOMMEND POSTS