ව්‍යාජ සිගරට් තොගයක් විනාශ කරයි



එමිරේට් රාජ්‍යයේ Farij Al Mararදිස්ත්‍රිකයේ පිහිටා ඇති සාප්පු සංකීර්ණයකින් රාජසන්තක කරන ලද Cartomizers නමින් හඳුන්වනු ලබන ඉලෙක්ට්‍රෝනික් සිගරට් වර්ගය නමින් ව්‍යාජ ලෙස සාදන ලද සිගරට් 1,000ක් ඩුබායි සෞඛ්‍ය අධිකාරිය පසුගියදා විනාශ කර දැමූ බව Emarat Al Youm පුවත්පත වාර්තා කළේය.

ඩුබායි මහනගර සභාවේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක අධ්‍යක්ෂ කාර්යාලයේ වැටලීම් ඒකකය සිදු කරන ලද වැටලීමකදී ව්‍යාජ සිගරට් 1,500ක් සොයා ගැනීම හැකිවී ඇත.

ශරීරයට අහිතකර දුම්වැටි නිෂ්පාදන අලවිකිරීම එමිරේට්ස් ෆෙඩරල් නීතියේ 2005 අංක 15 දරණ නීතියට අනුව තහනම් කර ඇති බව ඩුබායි මහනගර සභාවේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක අධ්‍යක්ෂ කාර්යාලයේ අධ්‍යක්ෂ, රීදා සල්මන් ප්‍රකාශ කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS