ව්‍යාජ වීසා ජාවාරමක්



ඊජිප්තු ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ව්‍යාජ හජ් වීසා ජාවාරමක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

වංචනික ආකාරයෙන් මුදල් ඉපයීමේ අරමුණින් ලියාපදිංචි නොකළ සංචාරක සමාගම් ව්‍යාජ හජ් වීසා නිකුත් කරන බව සෞදි තානාපති කාර්යාලය අනතුරු අඟවා ඇත.

ව්‍යාජ හජ් වීසා ලබාගෙන ඇති ඊජිප්තු ජාතිකයන්ට සෞදි අරාබියට ඇතුළුවීමට ඉඩ ලබා නොදෙන බව තානාපති කාර්යාලය දන්වා ඇත.

ව්‍යාජ හජ් වීසා ලබාගෙන පැමිණි ඊජිප්තු ජාතිකයන් 300කට සෞදි අරාබියට ඇතුළුවීමට සෞදි ආරක්ෂක අංශ ඉඩලබාදී නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS