ව්‍යාජ යුරෝ අරන් ගිහින්



ව්‍යාජ යුරෝ මුදල් නෝට්ටු එමිරේටයට රැගෙන පැමිණි පකිස්ථාන ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන එමරේට්ස් අපරාධ අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

අවුරුදු 51 සහ 36 වයස්වල පසුවන පාකිස්ථාන ජාතිකයන් දෙදෙනා සතුව තිබි යුරෝ මිලියන 2.9කට ආසන්න මුදලක් සොයා ගත් බවත් ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපොල තුලදි අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේය.

නීතිමය පියවර ගැනීම සඳහා රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරියට භාර දුන් බව ගුවන්තොටුපොල ප්‍රකාශනයෙක් සඳහන් කළේය.

තමන්ට අනිත් පාකිස්ථාන ජාතිකයා ගුවන්තොටුපොල තුලදී ලබාදුන් බවත් මුදල් තමාගේ නොවන බව 51 හැවිරිදි පකිස්ථාන ජාතිකයා ප්‍රකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS