ව්‍යාජ මුදල් නෝට්ටු ලඟ තබාගෙන



ඕමානයේ බුරයිමි නගරයේ අසියාතික විදේශි ශ්‍රමිකයෙක් සතුව තිබී ව්‍යාජ විදේශීය මුදල් නෝට්ටු කීපයක් හමු වී ඇති බව වාර්තා වේ.

ඕමානයේ සහ සිය රටේ ඇති වෙළඳසැල්වලට වරින් වර ගොස් භාණ්ඩ මිලදී ගත් බවත් ව්‍යාජ මුදල් නෝට්ටු පුද්ගලයන්ට ලබා දී මුදල්වලට මාරු කිරීමට කටයුතු කළ බවඅත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රකාශ කර ඇත.

දේශීය සහ විදේශීය මුදල් නෝට්ටු භාවිතා කිරීමේදි සැළකිලිමත් වන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

නීතිමය කටයුතු කරගෙන යෑම සඳහා අත්අඩංගුවට ගත් පුද්ගලයාව රාජ්‍ය නඩුපැවරීමේ අධිකාරියට භාරදීමට පොලීසිය කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS