ව්‍යාජ නිෂ්පාදන 9,148 ක් රාජසන්තකයි



අබුඩාබි නුවර වෙළඳසැල් තුල විකුණු ව්‍යාජ නිෂ්පාදන 9,148ක් රාජසන්තක කර ඇති බව වාර්තා වේ.

ප්‍රධාන නගර තුනක සෝදිසි කිරීම් 31, 325ක් අබුඩාබි ආර්ථික සංවර්ධන දෙපාර්තුමේන්තුව සිදුකර ඇත. 

ඩුබායි නුවර සෝදිසි කිරීම් 15,126ක්ද, අල්-අයින් නුවර 10,860ක්ද, අල්-ධෆා නුවර 5,339ක් සිදුකළ බව දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේ ය.

ව්‍යාජ නිෂ්පාදන අතර රථවාහන අමතර කොටස්, ඉලෙක්ට්‍රෝනික් උපාංග, ඇඳුම් සහ සුවඳවිලවුන් අයත් වේ.

අබුඩාබි නගරයේ ව්‍යාජ භාණ්ඩ 3,234 ක් සහ අල්-අයින් නගරයේ 5,914 ක් රාජසන්තක කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS