ව්‍යාජ ආහාර නිෂ්පාදන ගබඩාවක්



ඕමානයේ බර්කා නගරය තුල තිබී ව්‍යාජ ආහාර නිෂ්පාදන ගබඩාවක් සොයාගැනීමට ඕමාන රාජකීය පොලීසිය සමත් වී ඇති බව වාර්තා වේ.

විදේශ ශ්‍රමිකයන් යොදගනිමින් ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බව පොලීසීය ප්‍රකාශ කළේය.

ගබඩාව තුළ කිරි හා එළවළු ආශ්‍රීත නිෂ්පාදන සකස් කර ඇති අතර විදේශ ශ්‍රමිකයන් ගබඩාව තුලම නවාතැන්ගෙන ඇති බව වාර්තා වේ.

ව්‍යාජ තොරතුරු සඳහන්ලේබල් 11,000කට වැඩි ප්‍රමාණයක් සොයාගැනීමට හැකි වී ඇති අතර ඕමානය පුරා ඇති සුපිරි වෙළඳසැල් 15කට වැඩි සංඛ්‍යාවකට නිෂ්පාදන බෙදාහරින බව ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇත.

2017 වර්ෂයෙන් කල් ඉකුත් වී තිබු ආහාර නිෂ්පාදනවලට ව්‍යාජ තොරතුරු ඇතුලත් කර විකිණීමට සකස් කර තිබු බව පොලීසිය ප්‍රකාශ කළේය. 

ජානක ප්‍රියදර්හන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS