ව්‍යවස්ථාදායක සැසිය 14 දා



ඕමාන් උපදේශක සභාවේ සහ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ තුන්වන වාර්ෂික ව්‍යවස්ථාදායක සැසිය නොවැම්බර් 14 දා ආරම්භ වන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සුල්තාන් කබූස් බින් සෙයිඩ් සභාවන් දෙක කැඳවීමටඅවශ්‍ය කරන රාජකීය නියෝග පසුගියදා නිකුත් කළේය.

අයවැය සැලැස්ම ව්‍යවස්ථාදායක සභා න්‍යාය පත්‍රයේ ඉහළින්ම ඇති බව උපදේශක කවුන්සිලයේ මහලේකම්, ෂෙයික් අලි බින් නසර් අල් මහරූකි කියා සිටියේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS