වළාකුළු අතරින් ගොඩබැස්සවයි



එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන්යානයක් වළාකුළු අතරින් ගොඩබස්ස වන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර ඇත.

එමිරේට්ස් ගුවන්සමාගමේ නිල ට්විටර් ගිණුමටවීඩියෝව එක්කිරීමෙන් පසු ට්විටර් සමාජ ජාල පරිශීලකයන් අතර කතාබහක් ඇති වී ඇත.

ත්‍රාස්තජනක චිත්‍රපටයක දර්ශනයකට සමාන අදාල වීඩියෝව එක්කර පැය 16කට පසු පුද්ගලයන් 900,000ක් නරඹා ඇති අතර 2,600ක් සිය අදහස් පළ කර ඇත.

එක්සත් රාජධානියේ ගැට්වික් ගුවන් තොටුපලට එමිරේට්ස් ගුවන්යානය ගොඩබස්සවා ඇත.

ගමනාන්ත 50කට අයත් ගුවන්තොටුපොලවල් 73කට එමිරේට්ස් ගුවන් සමාගම ගුවන් මඟීන් රැගෙන යන අතර ගුවන් සමාගම සතුව ඒ 380 වර්ගයේ ගුවන්යානා 110ක් ඇත.

2008  වර්ෂයේ ගුවන්යානා හඳුන්වාදීමෙන් පසු මිලියන 105 වැඩි ගුවන්මඟීන් සංඛ්‍යාවක් ගමනාන්ත වෙත රැගෙන ගොස් ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS