වහිද්දි වැරදි වැඩක් කරලා



අබුඩාබියේ මාර්ගයක අධික වාර්ෂාවක් පවතින අවස්ථාවේ මෝටර් රථයක් ධාවනය කරමින් ඡායාරූප ගැනීම හේතුවෙන් ඩිරාම් 800ක දඩු මුදලක් නියම කර ඇති බව වාර්තා වේ.

අබුඩාබි රථවාහන නීතියේ 32වැනි වගන්තියේ ජංගම දුරකථන භාවිතා කිරීම යටතේ දඩ මුදල නියම කළ බව අබුඩාබි පොලීසිය ප්‍රකාශ කළේය. 

ජංගම දුරකථන භාවිතා කරමින් මෝටර් රථ ධාවනය කරන අවස්ථාවන්වලදි අනතුරකට දක්වන ප්‍රතිචාරය 50%කින් අඩුවන බවත් සාමාන්‍ය අනතුරක් සිදු වීමට ඇති සම්භාවිතාවය 32%කින් ඉහළ යන බව විශේෂඥයන් පෙන්වා දෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS