වසර 97 කට පසු එළියට ආ මමිය



පුරාණ ඊජිප්තුවේ එසේත් නැතිනම් මිසරයේ රජකු (පාරාවෝ) වන තුතන්කාමන්ගේ සොහොන් ගැබ තුළ පිහිටි ඔහුගේ මමීකරණයට ලක් කළ දේහය සහිත රන් ආලේපිත මිනී පෙට්ටිය, එය සොයාගෙන වසර 97 කට පසු සෙහොන් ගැබෙන් පිටතට ගෙන ප්‍රදර්ශනයට තබා තිබේ.

තුනත්කාමන්ගේ සොහොන් ගැබේ තැම්පත් කර තිබුණු රන් අලේපිත අලංකාර කැටයමින් යුත් මෙම මිනී පෙට්ටිය පමණක් නොව, සොහොන් ගැබ තුළ තිබූ තවත් පුරාවස්තූන් රැසක් මේ වනවිට ප්‍රදර්ශනයට තබා ඇත්තේ ගීසා හි යෝධ පිරමීඩවලට නුදුරින් ඊජිප්තු රජය ඉදිකළ මහා ඊජිප්තු කෞතුකාගාරයේය. මෙම කෞතුකාගාරය ඉදිකිරීමට ඊජිප්තු රජයට අනුග්‍රහය ලැබී ඇත්තේ ජපානයෙනි.

තුතන්කාමන් පාරාවන්ගේ මිනී පෙට්ටිය පමණක් නොව, සොහොන් ගැබෙන් හමුවුණු සෙසු පුරාවස්තු ද ඉතා ප්‍රවේසමෙන් නව කෞතුකාගාරයට ගෙන යනු ලැබ ඇති බවත්, ප්‍රදර්ශනයට තබා ඇති මේ පුරාවස්තු නැරැඹීමට දෙස් විදෙස් සංචාරකයන් දහස්  ගණනක් පැමිණෙන බව ඊජිප්තු පුවත් සේවා පෙන්වා දෙයි.

(රොයිටර් ඇසුරිනි)


RECOMMEND POSTS