වසර 8 පසු ගොඩබස්සවයි



සිරියාවේ සිට ටියුනීසියාව දක්වාඍජු ගුවන්ගමනක් සිදුව ඇත්තේ මීට වසර 8කට පෙර වන අතර සිරියාවේ ඩැමස්කස් නුවර සිට ටියුනීසියාවේ හබීබ් බොගුවිබා අන්තර්ජාතික ගුවන් තොටුපොල බලා සිරියානු ගුවන් යානයක්පසුගියදා පියාසර කර ඇති බව වාර්තා වේ.

වසර අවසාන නිවාඩුව ගත කිරීම සඳහා සිරියානු සංචාරකයන් 150කට ආසන්න සංඛ්‍යාවක් සිරියානු ගුවන්යානයකින්ටියුනීසියාව බලා පිටත්ව ගිය බව චාරිකා සංවිධායක, හයිතම් සාගා ප්‍රකාශ කළේය.

සිවිල් සමාජ ක්‍රියාකාරකයන් පිරිසක් දෙරටේ බලධාරීන් සමඟ එකතු වී ගුවන් ගමන සංවිධානය කිරීමට මුලිකව ක්‍රියාකර ඇති අතර ඉදිරි මාස කීපයෙදීත් මෙවැනි ගුවන් ගමන් සංවිධානය කිරීමට ඔවුන් අපේක්ෂා කරයි.

සංචාරකයන් අතර සිවිල් සමාජ නියෝජිතයන්, මානව හිමිකම් ක්‍රියාකාරකයන් සහ මාධ්‍යවේදීන් සිටි බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS