වසර 75 කට හිරේට



කුවේටයේ ට්විටර් සමාජ ජාල ක්‍රියාකාරකයෙක් වන සාක්ර් අල්-හෂාෂ්ට වසර පහක සිර දඩුවමක් කුවේට් අපරාධ අධිකරණය පසුගියදා නියම කර ඇත.

රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන පුවත් ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියේ පළ කිරීම සහ කුවේට් අමීර්, ෂයික් සභා අල්-අහමඩ් අල්-ජබීර් අල්-සභාට අපහාස වන ආකාරයෙන් අදහස් පළ කිරීම හේතුවෙන් වැරදිකරු කර ඇත.

සියළුම වැරදිවලට වැරදිකරු වී සිටින සාක්ර් අල්-හෂාෂ්ට වසර හැත්තෑ පහක (75) කාලයක් සිර දඩුවම් විඳීමට සිදුවී ඇති අතර ඔහු නොමැතිව කුවේට් අපරාධ අධිකරණය නඩු විභාග කර තීන්දු ප්‍රකාශයට පත් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS