වසර 6 කට පසු ඊශ්‍රායලයෙන් තුර්කියට තානාපතිවරයෙක්



 

 

2010 වසරෙන් පසු පළමු වරට තුර්කියට තානාපතිවරයකු පත් කිරීමට ඊශ්‍රායල රජය පෙරේදා (15) තීරණය කර ඇත.
ඊශ්‍රායලය සහ තුර්කිය අතරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 2010 වසරේ සිට බිඳ වැටී තිබුණි. තුර්කිය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත් විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි. තානාපති ලෙස තුර්කියට යැවෙන්නේ කවුරුදැයි මෙතෙක් තීරණය කර ඇත.
සබඳතා බිඳ වැටුණේ ඊශ්‍රායල පලස්තීන අර්බුදයේදී, නේටෝ සාමාජිකයකු ද වන තුර්කිය පලස්තීනයට ආධාර රැගෙන ආ නැවක් සම්බන්ධ සිදුවීමක් මුල්කොට ගනිමිනි.

RECOMMEND POSTS