වසර 30 කට පසු චිත්‍රපටයක්



වසර 30 කට පසු, ගාසා තීරයේ පලස්තීන වැසියන්ට, සිනමා පටයක් නැරැඹීමේ අවස්ථාව පසුගිය දා උදා විය. සිනමා පටය තිරගත වූයේ එක් දිනක් පමණි.

සිනමා පටය ප්‍රදර්ශනය කෙරුණේ ගාසා සිටීහි සමාර් නමැති සිනමා හලේය. සමාර් යනු ගාසා තීරයේ ඇති පැරැණිතම සිනමාහලය.

පසුගිය 30 වසර තිස්සේ මෙම සිනමාහල අතහැර දමා තිබුණි. ඊට හේතුව ඊශ්‍රායල පලස්තීන මැද පෙරදිග අර්බුදයයි.

සිනමා පටය නැරැඹීමට පැමිණි පලස්තීනුවන්ගෙන් සිනමාහල අතුරු සිදුරු නැතිව පිරී ගිය බව ද පැවැසෙයි. පැමිණ සිටි නරඹන්නන් ගණන 300 කි.

සමාර් සිනමාහලේ ප්‍රදර්ශනය කෙරුණේ වාර්තා විත්‍රපටයකි. එය පලස්තීනුවන්ගේ ජීවන අරගලය ගැනත්, ඊශ්‍රායල පලස්තීන සිරකරුවන් ගැනත් කියවෙන චිත්‍රපටයකි.

2007 වසරේ පටන් ගාසා තීරයේ පලස්තීනුවන් ජීවත් වන්නේ සම්බාධක මැදය. එහෙයින්, ඔවුන්ට නැරුඹීමට කියා චිත්‍රපට හෝ රූපවාහිනී මාලා නාට්‍ය නොමැත.

ගාසා තීරයේ ඊශ්‍රායල සම්බාධක මැද මිලියන 200 ක පලස්තීනුවෝ වෙසෙති.

(ද ගාඩියන් ඇසුරිනි)


RECOMMEND POSTS