වසර 27 කට පසු සිහිය ඇවිල්ලා



රිය අනතුරකට ලක් වී, බරපතල ලෙස තුවාල ලබා වසර 27 ක් සිහිසුන්ව ‘කෝමා’ තත්ත්වයකට පත්වී සිටි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ කාන්තාවකට යළි සිහි ආ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මෙසේ යළි සිහි ආ කාන්තාව මුරින්නා අබ්දුල්ලාය. අනතුර සිදුවෙද්දී ඇගේ වයස අවුරුදු 32 කි. 1991 වසරේ දී මුරින්නා, ඇගේ පුතු ඕමාර් වෙබර් පාසලෙන් රැගෙන යෑමට පැමිණ ඇත. දෙදෙනා ගමන් කරමින් සිටි මෝටර් කාරය පදවා ඇත්තේ මුරින්නාගේ මස්සිනා කනෙකි.

මෝටර් කාරය වේගයෙන් ආ බස් රියක ගැටී පොඩි පට්ටම් විය. අනුරට ඔන්න මෙන්න කියා තිබියදී, එය දැක, පසුපස අසුනේ සිටි මුරින්නා, ඕමාර් වෙබර් තුරුළු කර ගෙන ඇත.

මුරින්නාගේ හිසට බරපතල හානි සිදුවුණු අතර, ඕමාර්ගේ දිවි ගැලවිණි. මෝටර් කාරය පදවමින් සිටි මුරින්නාගේ මස්සිනා බරපතල තුවාල ලබා දිවි ගලවා ගත්තේය.

කඩිනමින් ප්‍රතිකාර කිරීමට නොහැකි වූ බැවින් මුරින්නා සිහිසුන් තත්ත්වයකට පත්විය. මොළය මියගිය බව පැවැසුණත් හැඟීම් දැනීම් දැනෙන්න විය. ඒ අනුව, එමිරේට්ස් රජයේ අනුග්‍රහයෙන් ජර්මනියේ රෝහලක ප්‍රතිකාර සඳහා යැවුණි.

හිටිහැටියේ මීට දින කිහිපයකට පෙර මුරින්නාට හිටිහැටියේ සිහි ආ බව ඇගේ පුතා වෙබර් කියයි. එම අවස්ථාවේ තමන් ඇය ළඟ සිටි බව ද වෙබර් පැහැදිලි කරයි.

(ද නේෂන් පුවත්පත ඇසුරිනි)

 


RECOMMEND POSTS