වසර 20 කට පසු බටහිර ඉවුරේ යුදෙව් නිවාස



දශක දෙකකට පසු බටහිර ඉවුරේ නව ජනවාස ඉදිකිරීමට ඊශ්‍රායලය රජය අවසර දී තිබේ. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය මණ්ඩලය විසින් මේ බව නිවේදනය කර තිබූ අතර මෙම නව ජනවාස ඉදිකිරීම් ජෙරුසලමෙන් කිලෝමීටර් 49ක් දුරින් පිහිටි උතුරු බටහිර ඉවුරේ නැබ්ලස් නගරයේ එමෙක් ෂීලෝ හි මෙම ජනවාස ඉදි කිරීමට නියමිතය.

මෙසේ ජනාවාස ඉදි කරන අතරවාරයේම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ජනාවාස ඉදිකිරීමේ කටයුතු අඩු කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා රජය සමඟ සාකච්ඡා කරන බව ද බී.බී.සී පුවත් සේවය වාර්තා කළේයෙ

ඊශ්‍රායලයේ මෙම ක්‍රියා පලස්තීනයේ දැඩි විවේචනයට හා විරෝධයට ලක්ව තිබේ.

''ඊශ්‍රායලය මෙසේ ජනාවාස ඉදිකිරීමට අවසර දීමෙන් ඔවුන් නීති විරෝධී ක්‍රියා නොනවත්වා ඉදිරියට ගෙන යන බව පෙනී යනවා. මෙවැනි ක්‍රියාවලින් ඔවුන්ට සාමය අවශ්‍යදැයි සැකයක් ඇත වෙනවා" යැයි පලස්තීන නිදහස් සංවිධානයේ විධායක කමිටු සාමාජිකයකු වන හනන් අශ්රාවී උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී ඊශ්‍රායලයට සහයෝගය දෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

නව ජනාවාස අමෝනා නගරයෙන් මුදාගත් යුදෙව් ජාතිකයන්ට නිවාස තැනීම සඳහා ලබාදීමට නියමිතය.

බී.බී.සී ඇසුරිනි


RECOMMEND POSTS