වසර 10 ක නේවාසික වීසා



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ආයෝජනය කරන විදේශිය ආයෝජකයන්ට වසර දහයක නේවාසික විසා ලබාදීම සම්බන්ධයෙන් එමිරේට්ස් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබු යෝජනාවට අනුමැතිය හිමි වී ඇති අතර විද්‍යාත්මක, තාක්ෂණික, වෛද්‍ය හා පර්යේෂණ යන ක්ෂේත්‍රවල විශේෂඥයන්ටද නේවාසික වීසා ලබාගැනීමටඅවස්ථාව හිමිවන බව වාර්තා වේ.

විසා ලබාදීමේදි ඇතිවන ගැටළු හඳුනාගෙන විසදුම් සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස එමිරේට්ස් උප-ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලක,ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටූම් ආර්ථික කටයුතු අමාත්‍යවරයාට කැබිනට් මණ්ඩල රැස්වීමේදි නියෝග කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS