වයිරස බියෙන් එමිරේටයේ පාසල් වැසෙයි



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාසල් සහ අධ්‍යාපනික ආයතන සති හතරක් වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

පාසල් සහ අධ්‍යාපනික ආයතන ලබන ඉරිදා සිට වසා දැමීමට තීරණය කළ බව නිවේදනය කළේ එක්සත් අරාබි එමිරේට්ස් අධ්‍යාපන අමත්‍යාංශයයි. ඊට අමතරව සුපුරුදු පරිදි මාර්තු 29 වැනිදා සිට අප්‍රේල් 12 දක්වා පාසල සහ අධ්‍යාපන ආයතනවලට නිවාඩු හිමිවනු ඇතැයි ද අධ්‍යාපන අමත්‍යාංශය වැඩිදුරටත් පවසා ඇත.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ කොරෝනා වයිරස ආසාදිතයන් ගණන 27 දක්වා ඉහළ ගොස් ඇත. වයිරසය ආසාදනය වී සිටි පස් දෙනකු සම්පූර්ණයෙන් සුවය ලබා ඇතැයි පැවැසෙයි.

ඩුබායිහිදීය (රොයිටර්)


RECOMMEND POSTS