වඳුරන් 20 ක් - හංසයෙක් අත්අඩංගුවට



කුවේට් රාජ්‍යයට නීතිවිරෝධි ආකාරයෙන් සතුන් රැගෙන යෑමට උත්සහ කර ඇති බව වාර්තා වේ.

වඳුරන් 20ක් සහ එක් හංසයෙක් අල්-නුවෙයිසාබ්දේශසීමා මුරපොළේ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අවශ්‍ය පියවර ගැනීම සඳහා සත්වයන් කුවේට් සත්ව සම්පත් දෙපාර්තමේන්තුව භාර දීමට කටයුතු කර ඇත.

තහනම් කර ඇති සත්වයන් සහ භාණ්ඩ නීතිවිරෝධි ආකාරයෙන් කුවේටයට රැගෙන යෑමට උත්සහ කරන පුද්ගලයන්ට දැඩි දඩුවම් ලබාදෙන බව කුවේට් රේගුව ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS