වතුර බවුසරයක් හැපිලා



කල්කටා ගුවන්තොටුපොළේදී ජල බවුසරයක් ගුවන්ගත වීමට සූදානමින් තිබුණු කටාර් මගී ගුවන් යානයක හැපීමෙන් අද (1) අලුයම ගුවන් යානයේ ගමනට බාධා එල්ල විය.

ජල බවුසරය ගුවන් යානයේ හැපී ඇත්තේ එහි තරිංග නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු නිසා යැයි පසුව අනාවරණය විය. ඒ වනවිට මගීන් යානයේ අසුන් ගෙන සිටි අතර, නියමිත වේලාව පැමිණෙන තුරු නියමුවෝ සූදානමින් සිටියහ.

ජල බවුසරය හැපී ඇත්තේ කටාර් ගුවන් සේවයට අයත් කියු ආර් 540 ගුවන් යානයේය. යානයේ සිට ඇති මගීන් ගණන 101 කි. නියමුවන් දෙදෙනා ද ඇතුළු යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ගණන 14 කි.

සිදුවුණු අනතුරින් කිසිවකුටවත් අනතුරක් සිදුනොවිණි. යානයේ මගීන් ආපසු හෝටලයක් වෙත යැවුණි. ඔවුන් වෙනත් කටාර් ගුවන් යානවකින් කල්කටා සිට ඩෝහා තෙක් රැගෙන යෑම අද රාත්‍රියේ සිදුවනු ඇතැයි පැවැසෙයි.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS