වත්කම් අත්හිටුවයි



මූල්‍ය වංචා සහ දූෂණ චෝදනා එල්ල වුණු පුද්ගලයන් සහ සමාගම් 1,200 ක බැංකු ගිණුම් සහ වත්කම් වහා අත්හිටුවීමට සෞදි රජය තීරණය කර ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

අභිනවයෙන් ස්ථාපිත කළ දූෂණ මැඩලීමේ ඒකකය මේ වනවිට මූල්‍ය වංචා සහ දූෂණ චෝදනා එල්ල වුණු කුමාරවරුන්, දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් ආදී ප්‍රබලයන් රැසක් අත්අඩංගුවට ගනිමින් සිටින බව ද පැවැසෙයි.

පොලිසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ එම කුමාරවරුන් පිරිස රැඳවුම් බාරයේ සිටින බවත්, බිම මෙට්ටවල නිදා ගන්නා බවත් සෞදි පුවත් සේවා වැඩි දුරටත් කියා සිටී.

රටේ මූල්‍ය අක්‍රමිකතා සහ වංචා දූෂණ පිටුදැකීමේ අරමුණ ඇතිව දූෂණ මැඩලීමේ ඒකකය පිහිටුවා ඇති බව ද පැවැසෙයි. මධ්‍යස්ථ ප්‍රතිපත්ති අනුගමනය කරමින්, නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දී ඒවා ක්‍රියාත්මක කිරීමේ එක් පියවරක් ලෙස මූල්‍ය අක්‍රමිකතා සහ වංචා දූෂණ පිටුදැකීමට සෞදිය තීරණය කර තිබේ.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS