වට්ස් ඇප් හරහා නොහොබිනා වැඩක් කරලා



තම සේවා ආයතනයේ සේවය කරන වයස අවුරුදු 22ක පිලීපින කාන්තාවකට අසභ්‍ය පින්තූර යැවීම සහ අනවශ්‍ය ලිංගික අඩත්තේට්ටම් සිදුකිරීම නිසා එම ආයතනයේම සේවය කරන මුල්‍ය කලමණාකරුවකු වරදකරු කරමින් මාස තුනක අත්හිටවු සිරදඩුවම් සහිතව රටින් පිටිවහල් කිරීමට ඩුබායි අධිකරණය නියෝක කර ඇති බව වාර්තා වේ.

2016 වර්ෂයේ මැයි මාසයේදි ජෝර්දාන මුල්‍ය කලමණාකරු ආයතනයට එක්වී ඇති අතර එතැන් පටන් වරින් වර ඇයට ලිංගික හිංසනයන් සිදුකිරීමට උත්සහ කර ඇති බව වාර්තා වේ.

2016 වර්ෂයේ ජුලි සහ අගොස්තු මාසයන් වලදී අසභ්‍ය දර්ශන සහිත ඡායාරූප සහ වීඩියෝ වට්ස්ඇප් මෘදුකාංගය හරහා ඇයට යොමු කරමින් තමන් වෙත පොලඹවා ගැනීමට මුල්‍ය කලමණාකරු ක්‍රියාකර ඇති බව මුලික පරීක්ෂණ වලදී හෙළි වී ඇත. 

“පළවැනි දවසේ මගේ අතින් අල්ල ගත්තා, මම ඉතින් වැඩිය ගනන් ගත්තේ නෑ, දවසක් මගේ කලවා අතගාන්න පටන් ගත්තා, මම ඔහුගෙන් මිදෙන්න උත්සහ කලා, එත් ඔහු මාව තදින් අල්ලා ගත්තා, බේරෙන්න විදියක් තිබ්බේ නෑ.’’ යනුවෙන් පිලිපීන කාන්තාව ප්‍රකාශ කළාය.

වරින් වර අසභ්‍ය ඡායාරූප ඇය වෙත එවන අවස්ථාවන් වලදී ඇය ඔහුත් සමඟ රණ්ඩු වී ඇති බව වාර්තා වන අතර අවසානයේදි මුල්‍ය කලමණාකරු තමන්ට සිදුකරන අනවශ්‍ය ලිංගික හිංසනය පිළිබඳව ආයතන ප්‍රධානියාට දැණුම් දී පොලීසියට පැමිණිලි කර ඇත.

කළමණාකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කළ අතර වට්ස්ඇප් මෘදුකාංගය හරහා අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ පිලිපීන කාන්තාවට යවා ඇති බව පොලීසිය සොයා ගෙන ඇත.

විමර්ෂණයන් සිදු කිරීමෙන් අනතුරුව මුල්‍ය කළමණාකරු අධිකරණයට ඉදිරිපත් කර ඇත.

සියළු කරුණු සලකා බලා මුල්‍ය කළමාණාකරු වරදකරු කරමින් මාස තුනක අත්හිටවු සිරදඩුවම් සහිතව රටින් පිටිවහල් කිරීමට ඩුබායි අධිකරණය තීන්දු කළේය.

පසුව තමන් නිවැරදිකරු බව පවසමින් අභියාචනාධිකරණයේ නඩුවන් ගොනු කළ අතර අභියාචනාධිකරණය නඩුව ප්‍රතික්ෂේප කර අධිකරණය මඟින් ලබාදී ඇති තීන්දුව තහවුරු කර ඇති බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS