වගකීම හිස්බුල්ලා බාර ගන්න ඕනෑ



බේරූට් වරායේ කටයුතු සියල්ල සිදුවන්නේ හිස්බුල්ලා සංවිධානයට අවශ්‍ය පරිදි බවටත්, වරාය හිස්බුල්ලා පාලනයට යටත්ව පවතින බවටත් ලෙබනන් විපක්ෂයන් චෝදනා එල්ල වෙයි.

චෝදනා එල්ල කර ඇත්තේ ලෙබනන් විපක්ෂයේ කැපී පෙනෙන දේශපාලනඥයකු වන බහා හරීරි ය. බහා හරීරි යනු 2005 දී ඝාතනයට ලක් වුණු ලෙබනන් අගමැති රෆීක් හරීරිගේ පුත්‍රයාය.

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය දේශපාලනික අංශය සහ සන්නද්ධ අංශය ආදී වශයෙන් කොටස් දෙකකි.

හිස්බුල්ලා සංවිධානයට ඉරානයේ සහාය හිමිවෙයි. හිස්බුල්ලා සන්නද්ධ අංශය ඉරානයේ අතිරේක හමුදා බලඇණියක් ලෙස ද සැලකෙයි. හිස්බුල්ලා සන්නද්ධ අංශය ත්‍රස්ත සංවිධානයක් ලෙස ඇමෙරිකාව, ඊශ්‍රායලය සලකයි.

බේරූට්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS