ලෝක කුසලානය කලාපයට හොඳ අවස්ථාවක්



කටාර් අයත් වන ගල්ෆ් කලාපීය රටවලත්, අරාබි රටවලත් සැබෑ සාමකාමී ස්වරූපය කුමක්දැයි ලොවට පසක් කර දීමට 2020 පා පන්දු ලෝක කුසලාන තරගාවලිය හේතු සාධක වනු ඇතැයි කටාර් විදේශ ඇමැති ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී පෙන්වා  දෙයි.

2020 පා පන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ කටාර් රාජ්‍යයේ දෝහා නුවර කේන්ද්‍රකොට ගනිමිනි.

එම පා පන්දු ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් කටාර් විදේශ ඇමැතිවරයා සිය අදහස් දක්වා සිටියේ ‘තිරසාර සංවර්ධනයක් උදෙසා ක්‍රීඩා’ යන තේමාව යටතේ පැවැති විශේෂ සමුළුවේදීය. මෙම සමුළුව පැවැත්වූයේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ 72 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීවය.

‘ගල්ෆ් කලාපය ගැනත් මැදපෙරදිග ගැනත් සෙසු ලෝකවාසීන්ට ‘චකිතයක්’ පවතිනවා. ඒක නැති කරන්න 2020 පා පන්දු ලෝක කුසලාන තරගාවලිය හරහා හැකිවේවි. ගල්ෆ් කලාපීය රටවලත්, මැදපෙරදිග රටවලත් සැබෑ සාමකාමී ස්වරූපය පෙන්වන්න 2020 ලෝක කුසලාන තරගාවලිය ඉවහල් වේවි.’ යැයි කටාර් විදේශ ඇමැතිවරයා පැහැදිලි කළේය.

2020 පා පන්දු ලෝක කුසලානයට කටාර් රාජ්‍යය මේ වනවිට ලහිලහියේ සූදානම් වෙමින් සිටී. ඒ, සෞදිය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුව එක් වී කටාර් රාජ්‍යයට සම්බාධක පනවා තිබියදීය. 2020 පා පන්දු ලෝක කුසලානයට එම සම්බාධක බාධාවක් නොවන බව ද කටාර් විදේශ ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

(ද පෙනින්සියුලා)

 


RECOMMEND POSTS