ලොව විශාලතම ගුවන් සංදර්ශනය



ලොව මෙතෙක් පැවති විශාලතම ගුවන් සංදර්ශනය 2019 නොවැම්බර් මාසයේදි ඩුබායි නුවර පැවැත්වෙන බව ඩුබායි ගුවන් සංදර්ශන කමිටුව ප්‍රකාශ කළේය.

දින පහක් (නොවැ:17-21) පැවැත්වෙන සංදර්ශනය සඳහා ප්‍රදර්ශකයන් 1,300ක් සහ වෘත්තිකයන් 87,000ක් පැමිණීමට නියමිත බව වාර්තා වේ.

2037 වනවිට මිලියන 290ක අමතර ගුවන්මඟීන් සංඛ්‍යාවක් මැදපෙරදිග රටවල් හරහා සිය ගමනාන්ත වෙත ගමන් කරන බව අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කළේය.

2019 පැවැත්වෙන ගුවන් සංදර්ශනය මගින් මැදපෙරදිග කලාපයේ ගුවන්යානා ක්ෂේත්‍රෙය් විශාල දියුණුවක් ඇති වන බවත් වෘත්තිකයන් අතර දැණුම හුවමාරු කරගැනීමට මෙන්ම ගුවන්යානා ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහයෝගය ලබාගැනීමට අවස්ථාව හිමිවන බවඩුබායි ගුවන් සංදර්ශන කමිටුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන බිස්නස්)


RECOMMEND POSTS