ලොව බියකරුම තැන



ලෝකයේ දරුවන් සඳහා ඇති බියකරුම ස්ථානය බටහිර ඉවුර යැයි මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.

පසුගිය වසරේදී පමණක් ඊශ්‍රායල ආරක්ෂක අංශ එල්ල කරන ලද ප්‍රහාරවලින් පලස්තීන් දරුවන් 14 දෙනකු මියගිය බවත් 1,000කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් එම සංවිධාන කියයි.

බටහිර ඉවුරේ වැඩි කොටසක් ඊශ්‍රායල පාලනය යටතේ පවතින අතර ඉතිරිය ඊශ්‍රායල පලස්තීන ඒකාබද්ධ පාලනය යටතේ පවතී.

බටහිර ඉවුරේ ඊශ්‍රායල ආරක්ෂක අංශ සහ පලස්තීන වැසියන් අතරේ නිරන්තරයෙන් ගැටුම් පවතී.

හර්ෂණ තුෂාර සිල්වා

අල්ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS