ලොව පැරැණිතම මුතු ඇටය



ක්‍රි.පූ. 5,800 ත් 5,600 ත් අතර නව ශිලා යුගයට අයත් මුතු ඇටයක් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට අයත් දූපතකින් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති.

ලොව පැරැණිතම මුතු ඇටය ලෙස මෙය සැලකෙයි. මුතු ඇටය සොයා ගැනීමට හැකිවී ඇත්තේ මරාවා දූපතේ සිදු කළ කැණීමකදීය.

මෙම මුතු ඇටය එලැබෙන 30 වැනිදා ඩුබායිහිදී ප්‍රදර්ශනයට තැබෙන බව අබුඩාබි සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

පුරාණයේ ඉරාකය හැඳින්වූයේ මෙසපොතේමියාව යනුවෙනි. මෙසපොතේනියාවේ වෙළෙඳුන් අතර මැටි භාණ්ඩ හුවමාරුව සිදුවිය.

ඒ, මුතුවලට හුවමාරු කරමිණි. එම පුරාණ තොරතුරු මෙම සොයා ගැනීමෙන් තහවුරු වන බව පුරාවිද්‍යාඥයෝ කියති.

ඩුබායිහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS