ලේ බැංකුව වැසී යෑමේ අවදානමක්



සිවිල් යුද ගැටුම් හේතුවෙන් අස්ථාවර වූ යේමයේ ජාතික ලේ බැංකුව වැසී යෑමේ අවදානමක් පවතින බව යේමන පුවත් සේවා වාර්තා කරයි.

යේමන ජාතික ලේ බැංකුවේ ප්‍රධානී අයිමාන් අල් ෂිහාරී පවසා ඇත්තේ ඉදිරි දින කිහිපය ඇතුළතදී ලේ බැංකුව වසා දැමීමට සිදුවනු ඇති බවය.

ඊට හේතු වී ඇත්තේ ලේ බැංකුව හිස් වීම යැයි ද අයිමාන් අල් ෂිහාරී මාධ්‍ය හමුවේ පවසා ඇත.
ලේ බැංකුව වසා දැමීමට සිදුවුවහොත් මාසයකට 3,000 ක පිරිසක් ජීවිතක්ෂයට පත් වීමේ ඉඩක් ඇතැයි ද අයිමාන් අල් ෂිහාරී වැඩි දුරටත් කියා සිටී.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS