ලේ ඕනෑ - ඕමාන් ලේ බංකුව කියයි



ඕමානයේ ලේ බැංකුවට ලේ ලබාදෙන ලෙස එරට පුරවැසියන්ගෙන් සහ විදේශ ශ්‍රමිකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

බුෂාර් හි පිහිටා ඇති මධ්‍යම ලේ බැංකුවේ රුධිරය විශාල ලෙස අඩු වී ඇති බව ලේ බැංකු සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

රුධිරය පරිත්‍යාග කිරීමට ඉක්මන් වන ලෙසත්,  රුධිරය පරිත්‍යාග කිරීමට උනන්දුවක් දක්වන පුද්ගලයන් 24591255 දුරකථන අංකය අමතා හෝ 94555648 ට වට්ස්ඇප් මෘදුකාංගය හරහා පණිවිඩයක් යැවීමෙන් මධ්‍යම ලේ බැංකුවට රුධිරය පරිත්‍යාග කිරීමට හැකි බව ලේ බැංකු සේවා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS