ලෙබනන් හමුදාවෝ ‘දනේෂ්’ ත්‍රස්තයන් 10 දෙනෙකු අල්ලති



සිරියානු දේශසීමාවේ සිදුකරන මෙහෙයුම්වලදී තම හමුදාවට පලා යමින් සිටි දනේෂ් හෙවත් අයි.එස්.අයි.එස්. ත්‍රස්ත නායකයකු ඇතුළු තවත් අයි.එස්. ත්‍රස්තයන් 10 දෙනකු අල්ලා ගැනීමට හැකිවුණු බව ලෙබනන් රජය ඊයේ (25) නිවේදනය කළේය.
මෙම ත්‍රස්තවාදීන් පිරිස අල්ලා ගැනීමට ලෙබනන් හමුදාව සමත් වී ඇත්තේ අර්සාල් නමැති දේශසීමා නගරය අසන්නයේදීය. මීට අමතරව වාදි අල් අරානෙබ් නමැති නගරයේ ත්‍රස්තවාදීන් සහ ලෙබනන් හමුදාව අතර අවි ගැටුම් පැවැති බව ද වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS