ලෙබනන් නව අගමැති ඉල්ලා අස්වෙයි



අගමැති ධුරයට පත්වුවත්, රජයක් පිහිටුවීමට අපොහොසත් වූ බැවින් මුස්තාෆා අබීඩ් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය.

අබීඩ් මේ බව ලෙබනන් ජනාධිපති මයිකල් ඒයොන් ට දන්වා, ජාතිය ඇමතුවේය. රජයක් පිහිටුවීමට තමන් ගත් උත්සාහය අසාර්ථක වූ බැවින් තමන් ධුරයෙන් ඉවත් වෙන බව හෙතෙම පැවැසුවේය.

මුස්තාෆා අබීඩ්, ලෙබනන් අගමැති ලෙස පත් කර ගැනීම සිදුවූයේ ජර්මනියේ ලෙබනන් තානාපති ධුරය හොබවමින් සිටිද්දීය. ඒ, පසුගිය අගෝස්තු 13 වැනිදාය. මුස්තාෆා අබීඩ්, ජනපති ධුරයට නම් කෙරුවේ ලෙබනනයේ හිටපු අගමැතිවරුන්ගේ කවුන්සිලයයි.

රජයක් පිහිටුවීමට ගත් උත්සාහය අසාර්ථක වූයේ ඉරාන හිතවාදී හිස්බුල්ලා දේශපාලනික කණ්ඩායම්වලත් ෂියා මුස්ලිම් දේශපාලන පක්ෂවලත් ඉල්ලීම් ඉටු කළ නොහැකි බැවිනි.

පසුගිය 4 වැනිදා ලෙබනනයේ බේරූට් අගනුවර මහා පිපිරීමක් සිදුවිය. ඒ, ලෙබනනය දේශපාලනික සහ ආර්ථිකමය වශයෙන් තවත් අස්ථාවර කරමිනි.

බේරූට් පිපිරුමෙන් පසු ලෙබනන් රජයට චෝදනා එල්ල වූ අතර, රජය ඉල්ලා අස්විය. ප්‍රංශ ජනාධිපති මැක්රෝන්ගේ මැදිහත් වීමෙන් ලෙබනනයට ජාත්‍යන්තර ආධාර ලැබෙන්න පටන් ගත්තේ කොන්දේසි කීපයක් අනුවය. පළමු කොන්දේසිය නම් කඩිනමින් රජයක් පිහිටුවා දේශපාලනික ප්‍රතිසංස්කරණ හ‍ඳුන්වා දීමය.

(අල් ජසීරා)


RECOMMEND POSTS