ලෙබනන් අගමැතිගේ සෙල්පිය



ලෙබනන් අග්‍රාමත්‍යවරයා සෞදි නියෝජ්‍ය අග්‍රාමත්‍ය, ආරක්ෂක අමාත්‍ය සහ ඔටුන්න හිමි කුමරු, මොහොමඩ් බින් සලමන් බින් අබ්දුල්ලාසිස් සහ සෞදි ඇමරිකානු තානාපති, කලීඩ් බින් සලමන් සමඟ රියාද් නුවරදී ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් ඔහුගේ ට්විටර් සමාජ ජාල ගිණුමේ පළ කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

සෞදිය සහ ලෙබනනය අතර පවතින ශක්තිමත් සම්බන්ධතාවය පිළිබඳව ට්විටර් සමාජ ජාල පරිශීලකයින් විවිධ අදහස් පළ කර ඇති බව වාර්තා වේ.

මොහොමඩ් බින් සලමන් සහ ලෙබනන් අග්‍රාමත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා සහගල්ෆ් කළාපයේ නවතම සංවර්ධනය පිළිබඳවද සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

සෞදි රජු ලෙබනන් අග්‍රාමත්‍යවරයාව ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගත් බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS