ලෙබනන් අගමැති ඇමෙරිකාවේ



ඇමෙරිකාවේ නිල සංචාරයකට පැමිණි ලෙබනන් අගමැති සාද් අල් හරීරි සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.

ලෙබනනය සහ ඇමෙරිකාව අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් මෙම හමුවේ දී ලෙබනන් අගමැති සහ ඇමෙරිකන් ජනපති අතර සාකච්ඡා පැවැත්විණි.

ඉස්ලාමික් ස්ටේට් හෙවත් අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව ලෙබනන් හමුදාව සිදු කරන මෙහෙයුම් සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් ලෙබනන් අගමැතිට ප්‍රසංශා කළේය.

අයි.එස්. ත්‍රස්තවාදීන් ඇතුළු සෙසු ඉස්ලාමීය ත්‍රස්තවාදී කල්ලිවලට එරෙහිව සටන් වදින ලෙබනන් රජයට සහ හමුදාවට ඇමෙරිකාවේ සහාය ලබා දීමට තමන් කැමැති බව ද ට්‍රම්ප් ලෙබනන් අගමැතිවරයාට පැවැසීය.

ධවල මන්දිරයේ පැවැති හමුවෙන් පසු, ට්‍රම්ප් සහ අල් හරීරි එක් වී මාධ්‍ය හමුවක් ද පැවැත්වූහ.

(රොයිටර්)

 


RECOMMEND POSTS