ලෙබනනයේ හිස්බුල්ලා කඳවුරක පිපිරීමක්



දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට අයක් කඳවුරක ප්‍රබල පිපිරීමක් සිදුවිය.

මෙම කඳවුර පිහිටා ඇත්තේ අයින් ඛානා නමැති ගම්මානයට නුදුරිනි. ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානය පසුව පැවැසුවේ පිපිරීම සිදුවූයේ හදිසි අනතුරක් නිසා බවය. පුපුරා ගියේ කඳවුරේ හිස්බුල්ලා සංවිධානයේ මූලස්ථාන කාර්යල ගොඩනැගිල්ල යැයි පැවැසිණි.

හිස්බුල්ලා සංවිධානය දේශපාලනික අංශය සහ සන්නද්ධ අංශය ලෙස කොටස් දෙකකි. සන්නද්ධ අංශය ත්‍රස්ත සංවිධානයක් ලෙස ඇමෙරිකාව සලකයි. හිස්බුල්ලා සංවිධානයට සෘජුව සහාය ලැබෙන්නේ ඉරානයෙනි. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන්නේ ද ඉරානයයි.

අයින් ඛානාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS