ලෙබනනයේ හිස්බුල්ලා ඇමෙරිකාවට දෙහි කපයි





ඊශ්‍රායලයේ ඕනෑ එපාකම් සපුරාලීමට, සිරියාව දෙකඩ කිරීමට සැලැසුම් සකස් කරනවා යැයි ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම් සයාද්හසන් නසරල්ලා ඇමෙරිකාවටත් සෞදියටත් දොස් කියයි.
ඇමෙරිකාවේ හෝ සෞදියේ හෝ සැබෑ අරමුණ සිරියාවට සාමය උදා කිරීම නොවේ. ඔවුන්ට ඕනෑ සිරියාව කොටස් කීහපකට වෙන් කරලා ඊශ්‍රායලයට කොටසක් දීමට යැයි නසරල්ලා මාධ්‍ය හමුවකදී පැවැසීය.
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය දේශපාලනික සහ සන්නද්ධ ආදී වශයෙන් අංශ දෙකකි. සිරියාවේ සිරියානු රජයට සහාය දක්වමින් ඉරාන හමුදා සමඟ එක් වී හිස්බුල්ලා සන්නද්ධ අංශයේ සටන්කාමීහු සටන් වදිති. ඇමෙරිකාව මෙම හිස්බුල්ලා සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස හංවඩු ගසා ඇත.


RECOMMEND POSTS