ලෙබනනයේ ගැටුම් දරුණු වෙයි



ලෙබනන් පාර්ලිමේන්තුව ආසන්නයේ ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ඇති වු ගැටුම්වලින් විශාල පිරිසක් තුවාල ලබා ඇත.

සියයකට වැඩි පිරිසක් ගැටුම්වලින් තුවාල ලබා ඇති බවත්, හතළිහකට වැඩි පිරිසක් රෝහල් ගත කිරීමට කටයුතු කළ බව ලෙබනන් රතුකුරුස සංවිධානය ප්‍රකාශ කළේ ය.

තුවාල ලැබූ හැටකට වැඩි පිරිසකට විරෝධතාවය පැවති ස්ථානයේදීම ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළ බව එම සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

පෙලපාලිකරුවන් නජ්මා චතුරශ්‍රය අසලදි ආරක්ෂක අංශ වෙත රතිඤ්ඤා සහ ගල්වලින් පහර දී ඇති අතර කඳුළුගෑස් සහ රබර් උණ්ඩ එල්ල කර පෙලපාලිකරුවන් විසුරුවා හැරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, බේරූට් නුවර)

RECOMMEND POSTS