ලෙබනනයේ අලුත් ආණ්ඩුව දිවුරුම් දෙයි



මාස නවයක් පුරාවට පැවැති දේශපාලන අර්බුදය සමනයට පත්කරමින් නව රජයක් පිහිටුවීමට ලෙබනනය සමත්ව ඇත.

ත්‍රස්ත සංවිධානයක් ලෙසින් සැලකෙන හිස්බුල්ලා සංවිධානයද එම ආණ්ඩුවේ එක් පාර්ශ්වකරුවෙක් වීම විශේෂත්වයකි.

ජාතික රජයක් ලෙසින් නව රජය පිහිටුවා ඇති අතර, රටේ වර්තමානයේ පවතින දැවැන්ත අර්බුද විසදීමට ඊට හැකිවෙතැයි තමන් විශ්වාස කරන බවට අගමැති සාද් අල් හරීරි ප්‍රකාශ කළේය.

බටහිර රටවල සහාය ලබන හරීරිගේ රජයට බොහෝ පාර්ශව වල සහය හිමිව ඇත.ඉරානයේ සහය ලබන බවට පැවසෙන අවිගත් සංවිධානයක් වන හිස්බුල්ලා සංවිධානයද එහි එක් පාරශ්වයක් බව සඳහන්ය.

පසුගිය වසරේ මැයි මාසයේදී පැවැති මැතිවරණයෙන් කැපී පෙනෙන ආසන ගණනක් දිනාගැනීමට හිස්බුල්ලා සංවිධානය සමත්වීම ඊට හේතුව වී ඇත.

කෙසේ වෙතත් මේ වනවිට ලෙබනනයේ ආර්ථික දැඩි පරිහානියකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

ඉන් ගොඩ ඒමට දැඩි වෙහෙසක් සහ කැපවීමක් කිරීමට සිදුවනු ඇති බවත් සඳහන් වෙයි.

( තිළිණි ද සිල්වා )
කලීජ් ටයිම්ස් ඇසුරෙනි


RECOMMEND POSTS