ලෙබනනයට ආයෝජනය අවශ්‍යයි



සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයලෙබනනයේ ආයෝජනය කළ යුතු බවත් ලෙබනනයට ආයෝජන අවශ්‍ය වී ඇති බව ලෙබනන් අග්‍රාමාත්‍ය, සාද් අල්-හරිරි පැවසීය.

සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අතර සබඳතාවයන් යථා තත්ත්වයට පත් වීමෙන් පසු,යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා එම රටවල් ආයෝජනය කිරීමට අපේක්ෂාවෙන් සිටින බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

එක්සත් ජනපදය සමඟ මූල්‍ය හා ආර්ථික ආධාර සම්බන්ධයෙන්සාකච්ඡා කරමින් සිටින බවත්, වසර ගණනාවක පසුබෑමකින් පසු, මූල්‍ය ප්‍රතිසංස්කරණ නොමැතිව ලෙබනනය විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව වොෂින්ටන් නුවර සංචාරයක නිරත වෙමින් අග්‍රාමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කර ඇත.

ආර්ථික ගනුදෙනු 23ක් පිළිබඳව සෞදි අරාබිය සමඟ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව හරිරි  සඳහන් කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS