ලෙබනනය හිමෙන් වැසෙයි



ලෙබනන් රාජ්‍යයේ නගර කීපයකට අධික හිම පතනයක් වාර්තා වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ඉතා චමත්කාර ජනක දර්ශනයක් කඳුකර ප්‍රදේශවල දක්නට ලැබුණු බව වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

පසුගියදා බලපෑ “ Norma’’ නැමති කුණාටුව හේතුවෙන් අධික හිම පතනයක් ලෙබනනයට ලැබී ඇති අතර විශාල පිරිසක් පීඩාවට පත් වී ඇත.

සරණාගත කඳවුරු 151කට අයත් සිරියානු සරණාගතයන් 11,000කට අධික පිරිසක් පීඩාවට පත් වී සිටින බව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ නියෝජිත ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, බීරුට් නුවර)

RECOMMEND POSTS