ලෙබනනය ත්‍රස්තයන්ගෙන් මුදා ගැනේ



අයි.එස් හෙවත් දයේෂ් තක්ෆීරී ත්‍රස්තවාදීන්ගෙන් ලෙබනනය මුදා ගත් බව එම ත්‍රස්තවාදීන් සමඟ පසුගිය මාස කිහිපය පුරාවට සටන් වැදුණු ලෙබනන් හිස්බුල්ලා සන්නද්ධ සංවිධානය කියයි.

හිස්බුල්ලා මහ ලේකම් සයාද් හසන් නසරල්ලා, ලෙබනන් රූපවාහිනිය ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් ලැබූ ජයග්‍රහණය පිළිබඳ නිවේදනය කළේය.

ලෙබනනයේ අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරි ත්‍රස්තවාදීන් තව දුරටත් ක්‍රියාත්මක නොවන බව ද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS