ලෙබනනය ඊශ්‍රායලය සාකච්ඡා අරඹයි



දශක ගණනාවක් තිස්සේ පවතින දේශසීමා අර්බුදය අවසන් කිරීමේ අරමුණින්, ලෙබනනය සහ අසල්වැසි ඊශ්‍රායලය අතරේ සාකච්ඡා පැවැත්වෙයි.

පසමිතුරන් ලෙස ලෙබනනය සහ ඊශ්‍රායලය සැලකෙන අතර, දෙරට අතර කිසදු ආකාරයක රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තක් සිදුනොවෙයි. දේශසීමා අර්බුදය හේතුවෙන් අවස්ථා ගණනාවකදී ලෙබනන් සහ ඊශ්‍රායල හමුදා අතරේ යුද ගැටුම් පැවැත්විණි.

ලෙබනන් පාර්ලිමේන්තු කතා නායක නබීහ් බෙරී කියා සිටියේ, දේශසීමා අර්බුදයට විසඳුමක් ලෙස ඉදිරිපත් කළ සාම වැඩපිළිවෙළ කෙරෙහි ඊශ්‍රායල රජයේ කැමැත්ත පළ වූ බවත්, ඒ අනුව සාකච්ඡා පැවැත්වෙන බවත්ය. ලෙබනනය දේශපාලනික වශයෙන් අස්ථාරව රාජ්‍යයකි.

බේරූට්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS