ලෙබනන නව ජනපතිට හිස්බුල්ලා සංවිධානයේ පැසැසුම්



ලෙබනනයේ නව ජනපති ලෙස පසුගියදා පැවැති මැතිවරණයෙන් ජයග්‍රහණය කළ මිෂෙල් ඇයුන්ට හිස්බුල්ලා සංවිධානයේ පැසැසුම් හිමි වී ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.
හිස්බුල්ලා දේශපාලන අංශයේ ලේකම් ජනරාල් සයාද් හසන් නසරල්ලා නව ජනපතිවරයාට සුබ පතමින්, ඔහුට ප්‍රසංශා කර ලිපියක් යවා ඇතැයි ද මැදපෙරදිග පුවත්සේවා වාර්තා කරයි.
සිරියාවේ බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන ෂියා මුස්ලිම් ජනපති බෂීර් අල් අසාද් සහ ඔහුගේ ෂියා මුස්ලිම් රජය ද මිෂෙල් ඇයුන්ට සුබ පතා ඇත. 
ලෙබනනයට ශක්තියක් වී, ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කර ගැනීමට ද මිෂෙල් ඇයුන්ට හැකියාව ලැබෙනු ඇතැයි තම විශ්වාසය යැයි හිස්බුල්ලා සංවිධානය පවසයි. හිස්බුල්ලා සංවිධානය දේශපාලන අංශය සහ සන්නද්ධ අංශය යනුවෙන් කොටස් දෙකකි.
මීට අමතරව ඉරාන ජනාධිපති හසන් රොව්හානි ද නව ජනපතිවරයාට සුබ පතා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් මූන් ද ලෙබනන නව ජනපතිට සුබ පතා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

RECOMMEND POSTS